කණාමුට්ටි බිඳීම

Kanamutti
Game background
Score: 0
Stick
Tap or click a pot

කණාමුට්ටි බිඳීමේ පාරම්පරික ක්‍රමය

සිංහල අලුත් අවුරුදු උත්සවයට නැතුවම බැරි ක්‍රීඩාවක් වන්නේ කණාමුට්ටි බිඳීමයි. මෙය ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්. තරමක් උස ලී කණු 2ක් හරහා බැඳගත් කඹයක එක හා සමාන මැටි මුට්ටි කිහිපයක් එල්ලා, එම මැටි මුට්ටි තුළට නිල් දියර පිරවීම සිදුවනවා. මෙය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වන අතර ඇතැම් ප්‍රදේශවල කඹයේ හරි මැදට වන්නට එක් මුට්ටියක් පමණක් එල්ලීමද සිදුවනවා.
තරඟකරුවන්ගේ ඇස් නොපෙනෙන රෙදි කඩකින් ගැට ගසා, වට කිහිපයක් හිටි තැනම කරකවා, ඔවුන් අතට පොල්ලක් දී අතහැරීම මෙම ක්‍රීඩාවේ ස්වභාවයයි. ජය ගැනීමට නම්, ඔහු විසින් අදාළ කඹය ආසන්නයට ගොස් නිවැරදි මුට්ටියට වැරෙන් පොලුපහර එල්ලකර එක් පහරින්ම එය බිඳහෙලිය යුතුයි. එක් තරඟකරුවෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණයි.